මහනුවර යළි සෙලවේ…
අද (02) දින පෙරවරු 07.06ට පමණ මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කර ඇත.

මෙවැනිම සිදුවීමක් පසුගිය 29වන දින රාත්‍රියෙත් වාර්තා වී ඇති අතර එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න තවමත් තහවුරු කරගෙන නොමැත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ, භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
