දේශීය

අයවැයෙන් 40%ක් රාජ්‍ය ආයතන වලින් 50%ක් රාජපක්ෂවරු අතේ – රංජිත් මද්දුමබන්ඩාර

1994 චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණියගේ පටන් බලයට පැමිණි සෑම පාලකයකුම පොරොන්දු වූ‌යේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බවත් නමුත් 2005 බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධූරය ඒකාධිපති බලයක් බවට පත් කරගත් බවත් 18වන සංශෝධනය හරහා එම බලය අසීමිත කරගත් බවත් රංජිත් මද්දුම බන්ඩාර මහතා පැවසීය

සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් (31)ඒ මහතා මේ බව සදහන් කළේය.

”19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන්න හැකිවුනේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හැකිවුනේ. නමුත් රාජපක්ෂවරු මේ හදන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දමන්නයි. ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තුවට එන්නයි 19වන සංශෝධනය අහෝසි කරන්න මේ උත්සාහ කරන්නේ.”

”රාජපක්ෂලා අතේ ආයතන 141ක් ගොඩගහගෙන. රාජ්‍ය ආයතන වලින් 50%ක් රාජපක්ෂලා අතේ. අයවැයෙන් 40%ක් සෘජුවම පාලනය කරන්නේ රාජපක්ෂලා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?