Latestදේශීය

ඉන්ධන රැගත් විදෙස් නෞකාවක ගින්නක්


පැනමාවට අයත් ‘ MT NEW DIAMOND’ නම් ඉන්ධන නෞකාවේ ගින්නක් හටගෙන තිබේ.

අම්පාර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. මෙම නෞකාවේ කාර්යමණ්ඩලය බේරා ගැනීමට නාවික හමුදාව මේ වන විට පියවර ගනිමින් සිටින අතර මේ සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *