මාලිංග මෙවර IPL තරගාවලියෙන් ඉවත් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවන ලෙස එම කණ්ඩායමට දැනුම් දුන් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
ලසිත් මාලිංග, සිය පෞද්ගලික කාරණයක් මත මෙවර තරගාවලියට සහභාගිි නොවන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දැනුම් දී තිබේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලසිත් මාලිංග වෙනුවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ජේම්ස් පැටින්සන් ආදේශ කිරීමට තීරණය කර ඇත.
මෙම මස 19වන දින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
