ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ආරම්භය

ඕස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග් 20 යි 20 තරගාවලිය ඔක්තෝම්බර් 25වන දා සිට පැවැත්වීමට දින නියම වී ති‌බේ.

Covid 19 වසංගත තත්වය හේතුවෙන් මෙවර බිග්බෑෂ් ලීග් තරගාවලිය සිඩ්නි නුවරට පමණක් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව මෙම තරගාවලිය සිඩ්නි ඕවල් , හර්ස්ට්විල් ඕවල් සහ බ්ලැක්ටවුන් යන ජාත්‍යන්තර ක්‍රීඩාංගනයන් හී පැවැත්වීමට නියමිත අතර මෙය තරග වට 59කින් සමන්විත වේ.

මෙම තරගාවලිය Covid 19හේතුවෙන් සෞඛ්‍යාරක්ෂක නීතිවලට අනුකූලව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර මේ සඳහා විදේශ ක්‍රීඩකයන් ද සහභාගී කරවා ගැනීමට අදහස් කරන බව බිග්බෑෂ් ලීග් තරගාවලියේ ප්‍රධානී ඇලිස්ටෙයාර් ඩොබ්සන් පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *