පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා අත්අඩංගුවට
පාර්ලිමේන්තුවේ භෝජනාගාර භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියා පළතුරු සැපයුම්කරුවෙකුගේ රුපියල් හැට දහසක අල්ලසක් ගැනීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා පාර්ලිමේන්තුවට සපයනු ලබන පළතුරු ප්‍රතික්ෂේප නොකර සිටීම සඳහා මාසිකව රුපියල් තිස්දහස බැඟින් ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී විරසුරිය මහත්මිය සඳහන් කරයි.
එම අල්ලස් මුදල මාර්තු මාසයට සහ ජුනි මාසයට අදාළ අල්ලස් මුදල්වන අතර මෙම මාස දෙකෙහි අල්ලස් මුදල ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉඳිරිපත් කිරීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
