විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් පිරිසක් නිරෝධායනයට
අද ( 05 ) දින උදෑසන විදෙස් රටවල සිටි පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියළුම දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
මෙලෙස පැමිණ ඇත්තේ අබුඩාබි සිට පුද්ගලයින් 11දෙනෙක්, ඉන්දියාවේ සිට පුද්ගලයින් 8දෙනෙක් සහ දෝහා කටාර් සිට පුද්ගලයින් 24දෙනෙක් වන අතර තවත් පිරිසක් ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතය.
විදෙස් රටවල සිට අද ( 05 ) දින උදෑසන මෙරටට පැමිණි සියළුම පුද්ගලයින් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල දී නිරෝධායනය කිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
