නැවේ ගින්න සම්බන්ධයෙන් සෙවීමට විශේෂඥයින් පිරිසක්
පසුගිය 03 වනදා සිදු වූ “NEW DIAMOND” ඉන්ධන නෞකාවේ ගින්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 10දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ආපදාවට පත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත මෙම විශේෂඥයින් මෙසේ දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.
එම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙන අතර මේ වන විට නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40ක් දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරමින් පවතී.
නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා සමඟ ඉන්දීය නෞකා 06ක් ද ගින්න නිවීමේ කටයුතු සඳහා දායක වී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ “MI17” වර්ගයේ හෙළිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් මගින් අවශ්‍ය පහසුකම් සලසමින් සිටියි.
මෙසේ නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සාගරයට තෙල් කාන්දු වීමේ අවධානමක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
