දේශීය

සමගි ජනබලවේගයෙන් 20ට එරෙහිව ක්‍රියාමාර්ග රැසක්

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රම්‍රඛ සමගි ජනබලවේගය පවසයි.

ඒ අනුව විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කරගනිමින් එම සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද තම පක්ෂය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මෙම විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතිය තුළ දී සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *