හෙට සිට බිත්තර මිල පහළට
හෙට (07) සිට බිත්තර මිල රුපියල් 2කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සිය එකඟතාවය පලකර තිබේ.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිළධාරීන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (05) පැවැති සාකච්ඡාවේ දී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන අතරතුර එම සංගමය බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පලකර ඇත.
ඒ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් හෝ 22ක් පමණ විය හැකි බවත් රට තුළ කිසිඳු බිත්තර හිඟයක් නොමැති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් මහතා ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
