ක්‍රීඩා

IPL තරඟ කාලසටහන නිවේදනය අද

13වන වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ තරඟ කාලසටහන අද (06) දින ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති බ්‍රිජේෂ් පටෙල් මහතා නිවේදනය කර තිබේ.

මෙම මස 19වනදා සිට නොවැම්බර් මස 10වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙවර තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර ඩුබායි, අබුඩාබි හා සාජා ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *