දිස්ත්‍රික්ක 5ක නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි
දිවයිනේ කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 සඳහා නිකුත් කළ නායයාම් අවධානම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල සහ යටියන්තොට
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත සහ ඇහැළියගොඩ
යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අද (07) දිනයේ දී දිවයිනේ පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර ඊයේ (06) දිනයේ ඇති වූ වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් වැඩි බලපෑමක් කොළඹ දිස්ත්‍රික්කයට එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
