රාජිත ඇතුළු තිදෙනෙකුට සිතාසි
දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් අද (07) දින සිතාසි නිකුත් කර තිබේ.
අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකළ නඩුවක් හේතුවෙන් කොළඹ මහාධිකරණයේ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ මෝදර ධීවර වරාය, සී ගල්ෆ් යූකේ නැමැති සමාගමකට අඩු මුදලට බදු දීමේ දූෂණය නමැති වරද කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක නීල් රවින්ද්‍ර මුණසිංහ යන තිදෙනාට අධිකරණයේ පෙනී සිටීමට සිතාසියක් මඟින් නියෝගකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
