වනාතවිල්ලුවේ වන විනාශය
වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් එළුවන්කුලම කූරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගණනක් පැරණි වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිසක් විසින් විනාශයට පත් කර ඇත.
මෙම වන විනාශය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් මේ සඳහා වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපතිගෙන් ඉල්ලිම් කර ඇත.
මෙසේ ඉල්ලීම් කර ඇත්තේ වයඹ පරිසර සංවිධාන කිහිපයක් වන පරිසර හඩ සංවිධානය ,හරිත පරපුර, ආනවිළුන්දම් පත්තු යන වන විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට එක් වී සිටි සංවිධාන වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
