අධිකරණ ඇමති ඇමරිකානු තානාපතිනිය හමුවෙයි
අද (08) අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.
එහි දී අධිකරණ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්යභාරය හා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මෙරට අධිකරණවල පවතින යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිසුරුවරුන් පුහුණු කිරීම වැනි අංශ සඳහා වැඩි අවධානයක් යොමුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
