නැව් සමාගමට දැනුම්දීමක්
පසුගිය දා ගිනිගැනීමට ලක් වූ “MT NEW DIAMOND” නෞකාවෙන් ඉන්ධන පිටවීම මඟින් මෙරට මුහුදු තීරයට සිදුවන හානිය වළක්වා ගැනිම සඳහා කඩිනමින් එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගන්නා ලෙස නෞකාව අයත් සමාගමට ලිඛිතව දැනුම් දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.
ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඊයේ (09) දින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමු වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති අතර අද (10) දිනයේ දීම අදාළ නැව් සමාගමට ලිඛිතව එම දැනුම් දීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
