පාස්කු කොමිසම පටිගත කළ මවුලවිවරයාට වැඩ වරදී
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයක් මඟින් රහසිගතව පටිගත කළ මවුලවිවරයෙකු සහ නීතීඥවරයෙකු ඊයේ (09) දින එම කොමිසම තුළදී සොයාගැනීමට පොලිස් නිළධාරීන් සමත් විය.
පාස්කු කොමිසමට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ජංගම දුරකථන රැගෙන ඇතුළුවීමට අවසර නොමැති අතර මවුලවිවරයාගේ නීතීඥවරයා මාර්ගයෙන් එම ජංගම දුරකථනය මවුලවිවරයාට ලැබී ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ මවුලවිවරයාගෙන් සහ නීතීඥවරයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස පාස්කු කොමිසමේ සභාපති විනිසුරුවරයා පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙන අතර මෙසේ රහසිගතව සක්ෂි විමසීම පටිගත කර ඇත්තේ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
