ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රීඩක සායිෆ් හසන්ට කොරෝනා

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සූදානම්ව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකුවන සායිෆ් හසන්ට නව Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් පසු තහවුරු වී ඇත.

එම කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හට ද වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබේ.


 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *