මහජන දිනය සඳුදා
වසර 60ක කාලයක් පුරා මහජන දිනය ලෙස පැවැති බදාදා දිනය වෙනස් කරමින් රාජ්‍ය ආයතනයන් හි එළඹෙන සතියේ සිට මහජන දිනය ලෙස ‘සඳුදා දිනය’ නම් කිරීමට ඊයේ (09) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
බදාදා දිනය පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙලෙස මහජන දිනය ලෙස සඳුදා දිනය නම් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
