බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ ආහාර වර්ජනය තවදුරටත්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 37 දෙනෙකු ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් ඊයේ ( 10 ) දින උදෑසන සිට ආහාර වර්ජනයක නිරත වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
සමීපතමයින්ට දුරකතන ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව නොදීම, රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම සහ බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි මෙම රැඳවියන්ගේ ඉල්ලීම් වී ඇති බව ද මෙම ඉල්ලීම්වලින් සාධාරණ ඉල්ලීම් ඇතිනම් එම ඉල්ලීම්වලට අදාළ පියවර ගන්නා බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
