දේශීය

ශ්‍රී ලාංකිකයන් 472ක් දිවයිනට

අද ( 11 ) දින මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව පෞද්ගලික සංචාරක හෝටල්වල නීරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.
 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?