දේශීය

පොලීසිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සතුටු නෑ – ආරක්ෂක ලේකම්

මෙරට ප්‍රාදේශීය පොලිසියන් හි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ඊයේ (11) දින අපරාධ වාර්තා කොට්ඨාසයේ පැවැති වැඩමුළුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

පොලිස් අධිකාරිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීම උදෙසා එම වැඩමුළුව පවත්වා ඇති අතර රාජකාරියට අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලිස් නිලධාරින්ට සියලු පහසුකම් සලසා දී තිබෙන බවත් එම නිසා ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම පොලිස් නිලධාරින්ගේ වගකීම බවත් ආරක්ෂක ලේකම්වරයා එහි දී වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *