දේශීය

එජාප නියෝජ්‍ය නායකත්වයට රුවන් විජේවර්ධන

ඊයේ (14) දින පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පැවැති රහස් ඡන්දයෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට රුවන් විජේවර්ධන මහතා පත්විය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කළයුතු බවත් පක්ෂයේ සියලු සාමාජිකයින් එක්කර ගනිමින් ඉදිරි ගමන යෑමට බලාපොරොත්තු වන බවත් එම මහතා ප්‍රකාශ කළ අතර පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරමින් නැවත වරක් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට බලාපොරොත්තුවන බව වැඩිදුරටත් පැවසීය.

එසේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තමාට හිමි වුවහොත් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට ද සූදානම් බව රුවන් විජේවර්ධන මහාතා ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *