ක්‍රීඩා

මධ්‍යම පළාත් පාපන්දු කිරුළ මහනුවරට

මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලෙහි පිරිමි සහ කාන්තා පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී තරඟාවලියේ පිරිමි සහ කාන්තා රිදී පදක්කම මාතලේ දිස්ත්‍රික්කය සතු වූ අතර මහනුවර සහ මාතලේ යන දෙපිල අතර පැවති පිරිමි අවසාන මහ තරඟයේ දී ගෝල් 05 – 02 ලෙසත් කාන්තා අවසාන මහා තරඟයේදී ගෝල් 02 – 00 ලෙසත් ශූරතාවය දිනා ගැනීමට මහනුවර පිල සමත් විය.

එක් තරගයකට පමණක් සීමා වූ මූලික වටයේදී නුවරඑළිය පරදා ගෝල් 04 – 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට මාතලේ පිරිමි පිල සමත්වූ අතර කාන්තා තරගයේ දී මාතලේ පිල හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කය ගෝල් 01 – 00 ලෙස පරාජයට පත්විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?