දේශීය

ගුවන්තොටුපොළ විවෘත කිරීම කල් යයි

Covid 19 ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු ගුවන්තොටුපොළ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය තහවුරු කර ඇති බවට මෙරට සෞඛ්‍ය අංශ විසින් සහතිකයක් ලබා දෙන තෙක් විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍යතුමා Covid  මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්දියාවෙන් හොර රහසේ දිවයිනට ඇතුළු වීමට උත්සහකරන පුද්ගලයින් පිළිබඳව මෙරට නාවික හමුදාව විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද එම මහතා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *