දේශීය

පොල් මිල සහ පොල් තෙල් මිල පාලනයට කැබිනට් මණ්ඩලයේ අවධානය

පොල් සහ පොල්තෙල් මිල පාලනය සඳහා රජයේ අවධාණය යොමු වී ඇති අතර ඊයේ (16) දින පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.

වෙළෙදපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් 95ක් වන අතර මෙලෙස දිනෙන් දින ඉහළ යන පොල් මිල හේතුවෙන් පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටින අතර පොල් මිල අඩුකිරීමට ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව ඇත.

එමෙන්ම දේශීයව පොල්තෙල් නිෂ්පාදනය කිරීම තුළින් පොල්තෙල් ආනයනය නතර කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *