දේශීය

විපක්ෂ නායක කාර්යාලය තුළ හරිත ඒකකයක්

විපක්ෂ නායක කාර්යාලය තුළ හරිත ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා සමගි ජන බලවේගය තීරණය කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුත් පරිසර බලකායක් ද පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එම පරිසර බලකාය නලීන් බණ්ඩාර, රෝහිණි කවිරත්න, මයන්ත දිසානායක, කවින්ද ජයවර්ධන සහ බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතවන අතර මෙම ස්ථාපිත කිරීමට නියමිත හරිත ඒකකය හරහා පරිසර සුරැකීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරියේ දී ආරම්භ කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *