යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වැඩි ඉඩක්
පසුගිය දා ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතියට අනුව බස් රථ සඳහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේ ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි ගමන් කළ යුතුය යන නීතිය අනුව ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබා දීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා.
ඊයේ (17) දිනයේ දී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් පැවැති බැවින් මොරටුව විශ්ව විද්‍යාලය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති අතර අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම් යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව දෙන බව පොලිසිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
