විදේශීය

ජර්මනියේ රෝහලකට සයිබර් ප්‍රහාරයක් – කාන්තාවක් මරුට

ජර්මනියේ විශ්ව විද්‍යාලයකට අදාළ රෝහලකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිබර් ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ අදාළ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ක්‍රයාකාරිත්වය බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මියගිය කාන්තාව එම ඒකකයේ ප්‍රතිකාර ලැබූ අයෙක් බව වාර්තා වේ.

අදාළ අවස්ථාවේ දී ඇයව ඊට ආසන්න රෝහලකට ගෙන යන විටත් ඇය මිය ගොස් සිටි අතර මෙය සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව සිදු වූ පළමු මරණයයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *