දේශීය

මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බසී

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැස තිබෙන අතර එම ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යට වී සිර වී සිටින දරුවෙකු සහ පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විටත් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම ගොඩනැගිල්ල අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීම හේතුවෙන් එම නිවසේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගෙන ඇති අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *