විදේශීය

ඇමරිකාව දැඩි අර්බුදයක – කොවිඩ් මරණ 200,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් වන Covid 19 හේතුවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ඇමරිකාවේ Covid මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 7,097,937ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 205,471කි.

මෙම තත්වය පිළිබඳව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ ඇමරිකාවේ මෙම තත්වය ලැජ්ජාවට කරුණක් බවත් මෙම වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් චීනය වගකිව යුතු බවත් පැවසීය.

ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස තත්වය වළක්වා ගැනීමට නොහැකි වුවහොත් ආසාධිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *