ඉන්දියාවේ කොවිඩ් මරණ 90,000 ඉක්මවයි
මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Covid 19 වෛරසය ආසාදනය වීමෙන් පීඩාවට පත් වූ රටවල් අතුරෙන් ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර එරටින් වාර්තා වූ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5,650,540 ඉක්මවා ඇත.
මරණ 90,077කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වි ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 4,587,613ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක ජන ගහණය අතරින් දෙවන ස්ථානයේ සිටින ඉන්දියාව මේ වන විට මුහුණ පා ඇති මෙම වෛරස තත්වය හේතුවෙන් එරට ජන ජීවිත අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
