දේශීය

ලොරි මගින් සහන මිලකට පොල්

අද ( 23 ) කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිටින පාරිභෝගිකයින්ට පොල් රුපියල් 60 ක සහන මිලකට මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

 දේශීය වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා පිළියමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ ( 22 ) දින කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිටින පාරිභෝගිකයින්හට ලොරි රථ මගින් පොල් බෙදා හැරීම ආරම්භ කෙරුණු ද පාරිභෝගිකයින්ට සහන මිලට පොල් මිලදී ගැනීමට අද සිට හැකියාව ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *