විදේශීය

නයිජීරියාවේ ඉන්ධන බව්සරයක් පුපුරායයි

මධ්‍යම නයිජීරියාවේ කෝගි ප‍්‍රාන්තයේ ලොකෝජා – අබූජා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරයක් අනතුරකට ලක් වී පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඉන්ධන බවුසරය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මෝටර් රථ 05 ක, ත‍්‍රීරෝද රථ 03 ක සහ යතුරු පැදි 02 ක ගැටී පෙරලී ගොස් ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මෙම සිද්ධිය හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර පාසල් සිසුන් කිහිපදෙනෙකු ඇතුළත් වන අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *