දේශීය

මංගල ඇතුළු පිරිසක් අද ජනාධිපති කොමිසමට

මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අද (24) දින පළිගැනීම් පිළිබඳ සෙවී‌මේ ජනාධිපති කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

යහපාලන රජය සමයේ පැවති දූෂණ කමිටු කාර්යාල‌ය මගින් සාවද්‍ය ලෙස චෝදනා ගොනු කරමින් නඩු පැවරූ බව පවසමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන නීල් හපුහින්න මහතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් හේතුවෙන් මෙම කැඳවීම් සිදු කරන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *