දේශීය

රුසියානු ජාතිකයෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනේ

ඊයේ (23) දින සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී රුසියානු ජාතිකයෙකු මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇති අතර පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු මෙරටට පැමිිණ තිබේ.

අද (24) දින ඔවුන් මෙරටින් පිටත්ව යාමට ප්‍රථම පී.සී.ආර්.පරීක්ෂණ මාතර නගරයේ පුද්ගලික රෝහලකින් සිදු කර ගෙන ඇති අතර එක් රුසියානු ජාතිකයෙකුට පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කර ඇති අතර  එම හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා ඇතුළු ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *