වෙඩි හුවමාරුවකින් “රත්මලානේ රොහා” ජීවිතක්ෂයට
ඊයේ (23) රාත්‍රියේ පාතාල අපරාධ හා හෙරොයින් කල්ලි සාමාජිකයෙකු වන “රත්මලානේ රොහා” නැමැති සැකකරු අද අලුයම සිදු වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.
ඊයේ (23) මෙම සැකකරු කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ ඉන්දියාවට පලායාමට සූදානමින් සැඟව සිටිය දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.
සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සිදුකළ සෝදිසි කිරීමක දී සොයා ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
