විදේශීය

ඇමරිකාවේ බල හුවමාරුව සාමකාමීව සිදුවෙයි – මිච් මැක් කොනල්

1792 වසරේ සිට වසර 04 කට වරක් ඇමරිකාව තුළ සාම්ප‍්‍රදායික ලෙස සිදුවන බල හුවමාරුව මෙවර ජනාධිපතිවරණයේ දී ද විධිමත් හා සාමකාමී ලෙස සිදුවනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැක් කොනල් පවසයි.

කෙසේ වෙතත් ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බල හුවමාරුවක් සඳහා මේ වනවිටත් විරෝධය පළ කර ඇත.

නමුත් කවුරුන් එළඹෙන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ ද ට්‍රම්ප් ඉතා සාමකාමී ලෙස ජනවාරි 20 වැනිදා නව ජනාධිපතිවරයා හට බලය පැවරීමක් සිදුකරනු ඇති බව කොනල් සඳහන් කරයි.

ඇමරිකාවේ ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මස 03 වැනිදාට යෙදී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *