විදේශීය

ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත පාඩුවක්

ප්‍රවීන ඉන්දීය ගායන ශිල්පී  එස්.පී. බාලසූබ්‍රමනියම් අද ( 25 ) දින ජිවිතක්ෂයට පත්ව ඇත.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය මස 05දා සිට චෙන්නායි ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී  74 වන වියේ පසු වූ මොහු මෙසේ මියගොස් ඇත.

සංගීත ක්ෂේත්‍රයට විශාල සේවයක් කල මොහු තම දිවියේ වසර පනහකට අධික කාලයක් තුල විවිධ භාෂා භාවිතයෙන් ගීත 40 000 අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර රංඟන ශිල්පියෙකු ලෙසද තම හැකියාවන් කලා ක්ෂේත්‍රයට එක්කර ඇත.

ජාතික සම්මාන 6ක් හා තවත් විශේෂ සම්මාන රැසකට හිමිකම් කී මොහුගේ නාමය ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන අකුරෙන් ලිිිිිිිියැවෙනු නොවනුමානය.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *