දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්වය සඳහා විශේෂ නිවේදනයක්

2020 අපොස උසස් පෙළ විභාගයට හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ පංති මෙහෙයවීම ඔක්තෝම්බර් 6 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි.

එසේම,

විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම

එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම

ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට හෝ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

යම් අයෙක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියාකරනු ලැබුවොත් 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වෙන අතර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 12 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වේ.

මෙම නියෝග කඩ කරන්නන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානයකට හෝ පොලිස් මූලස්ථානයකට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *