මෝදි හා මහින්ද අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක්
මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා අතර විශේෂ සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (26) දින පැවැත්වීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාවේ දී ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ඊයේ (25) දින එම ගැටළුව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ද සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
