දේශීය

මන්ත්‍රී නිල නිවාස ගැටලුවට විසඳුම්

ඊයේ (26) දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාකර තිබේ.

ඒ අනුව එම ගැටලුවට විසඳුම් වශයෙන් තාවකාලිකව රාජගිරියේ පිහිටි මහ බැංකුවට අයත් නිළධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ කොටසක් කුලී පදනම මත ලබා ගැනීමට අවධානය යොමුකර තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වු මන්ත්‍රීවරුන්ට යළි සිය නිල නිවාස භාර දෙන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දී තිබුණත් මන්ත්‍රීවරුන් 35කට ආසන්න සංඛ්‍යාවක් පමණක් යළි නිල නිවාස භාර දී ඇති අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙතෙක් සිය නිල නිවාස භාර නොදීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ ගැටලුව මතු වී ඇත.

එම ගැටලුවට විසඳුම් වශයෙන් මෙම තවකාලික පියවර ගැනීමට සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *