දේශීය

දරුණු අපරාධකරුවන් 33 දෙනෙක් බූස්සට මාරු කිරීමට පියවර

දැනට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මාරු කිරීමට අවශ්‍ය රැඳවියන් මේ වන විට හඳුනා ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙලෙස බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට සූදානම් සැකකරුවන් බන්ධනාගාරය තුළ වෙන වෙනම සිරමැදිරිවල රඳවා තැබීමට තීරණය කර ඇති අතර දැනටමත් බූස්ස බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 46 දෙනෙකු වෙන වෙනම සිරමැදිරිවල රඳවා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *