රත්රං කිලෝ 4ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රත්රං තොගයක් සමග පුද්ගලයෙකු පුත්තලම පාලවිය කලපු තීරයේ දී පුත්තලම පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සන්තකයේ තිබී රත්රං කිලෝ ග්රෑම් 04යි ග්රෑම් 485ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 400ක් පමණ වන බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාගවිල්ලූව පාලවිය ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (27) දින පුත්තලම මහේත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
