කොළඹ වරායේ සේවකයන් තිදෙනෙකු ඇතුලු 19ක් ස්වයං නිරෝධායනයට
ත්‍රිකුණාමල වරායේ පිහිටි ඉන්දියානු තෙල් සමාගමට ඉන්දියාවේ සිට දැවිතෙල් ගෙනා නෞකාවේ සිටි ඉන්දීය ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනාට Covid 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ කොළඹ වරායේ සේවකයන් තිදෙනෙකු ඇතුළුව 19 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
දැවි තෙල් ගෙනා නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය බලා පිටත් වී ඇති අතර මේ වන විට අදාළ නෞකාව ත්‍රිකුණාමල වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
