සිනහවට තිත තබා ඔහු නිහඬ විය
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රහසන නළුවෙකු ලෙස ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කළ ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
1952 වර්ෂයේ දී උපත ලැබූ ටෙනිසන් කුරේ මහතා පෙරළිකාරයෝ සිනමා චිත්‍රපටයෙන් ලාංකීය සිනමා ක්ෂේත්‍රයට මුල් පියවර තැබුවේය.
2011 වර්ෂයේ දී තිරගත වූ “තැන්ක් යූ බර්ටි” චිත්‍රපටය ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය යි. නළුවෙකු මෙන්ම සිනමා රචකයෙකු වූ ටෙනිසන් කුරේ පෙරළිකාරයෝ, දෙමෝදර පාලම,කොළොම්පූර් වැනි වාර්තාගත සිනමා නිර්මාණයන් රචනා කර තිබේ.
කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වන වියේ පසුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
