චීන ගුරුවරියට මරණ දඬුවම නියම වෙයි
චීනයේ ජීඇඔසූ ප්‍රදේශයේ පෙර පාසල් ළමුන්ගේ ආහාරයට වස මිශ්‍රකළ බවට චෝදනා එල්ල වී තිබූ ගුරුවරියකට චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ මෙම සිදුවීම පසුගිය වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ අතර එම සිදුවීමෙන් එක් සිසුවෙකු මිය ගියේය.
අදාළ ගුරුවරිය විසින් සිසුන් 25 දෙනෙකුට මෙම වස මිශ්‍රිත ආහාර ලබා දී ඇති අතර ඇය කුමන හේතුවක් මත එය සිදු කළේ ද යන්න තවමත් තහවුරු වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
