ක්‍රීඩා

MI පරදා RCB ජයගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10වැනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර ඊයේ (28) දින ඩුබායි හීදී පැවැත්විණි.

එම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව එම තරගාවලියේ පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 201ක් රැස් කළේය.

සුපිරි පන්දුවාරයේ දී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ලකුණු 11 ලබා ගනිමින් එම තරගය ජය ගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *