දිවයිනේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි
ඊයේ (30) දිනයේ දී තවත් Covid 19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට දී හඳුනාගත් සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,374 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව එම හඳුනාගත් ආසාදිතයින් 11දෙනා අතරින් 07 දෙනෙකු ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ආසාදිතයින් ලෙස හඳුනාගත් අනෙක් සිව්දෙනා ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වේ.
මෙරට තවදුරටත් ආසාදිතයින් 131 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 3,230 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
