SRH පළමු ජය වාර්තා කරයි – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (29) දින පැවැති තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 15කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
ඒ ඩුබායි හී දී පැවැති 11වන තරගයෙනි.
තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
